Language

Wednesday, December 24, 2014

මෙමටත් සුභ නව වසරකි 2015....

NamakNethiThenak|happyNewYear2015























ඔබ මා ලං කල
ඔහු මා වෙන් කල
සිතක මල් පිපුණු
නෙතක කදුලු මුතු පිරුණු
කිසිදා නොදු‍ටු ඔබ සැමදා පැතූ
සැමදා පැතූ ඔබ කිසිදා නොදකින
මේ අවුරුද්ද
කැලැන්ඩරේ නොතිබුනා නම්
මෙමටත් සුභ නව වසරකි 2015

Monday, December 15, 2014

මගෙ සඳ...

namaknethithenak


















අඩ නින්දෙ දු‍ටු සිහිනයකි ඔබ
වියළි කතරට වැහි වළාවකි ඔබ
සඳ නැති රෑ තරුවක් ය ඔබ
ඔබ නැති ලොව කොයි යම්ද මම

සැබෑ ලොව සිතුවමක් වී නම්
වියළි කතරට වැහි බිදුව වී නම්
‍රැයක් නළවන සඳක් වී නම්
ලොවම මගෙ ලග නොවෙද මගෙ සඳ

නින්ද නැති මට සිහින කුමටද
වැහි බිදුව මිස වළාවක් මට කුමට
සඳට මිස ‍රැය එළිය කරනට
තාරකාවට නොහැක මගෙ සඳ




Sunday, December 07, 2014

ගෙදර යන ගමන් දු‍ටුවා....

Namaknethithenak,presidentMR

මාමා සිනාසෙයි හැම කනුවක් ගානේ
ඉපැදී මෙනි ලොකු සතුටක් හද පත්ලේ
දකිනා විට දනන් ඉන්නා මහ පාරේ
නොවැටහෙයි කරුණු කිමදැයි මේ සන්තෝසෙ

කිරි කැටියන් ඔඩොක්කුවේ හංගා
මව්වරු හිදී මාවතෙ අයිනට වීලා
එනතුරු නොවේ මාමා සිනහව කැන්දා
විකුණා ගන්න නෙලා ගත්ත ඵල හනිකා

නවතා සුපිරි පන්නේ වාහන එක පෙළට
අසනවා මෙනිය පැනයක් ඇය බිය ගන්නා
"කාඩ් පේමන්ට්ස් තියනවද"
උගසට තබා කන කර ජීවිත ගෙවනා
ලියන්ට දෙවෙනි නැත වාහන හිමිකරුවා

පොස් අය හිදී ලොව ණයකරුවන් වීලා
පොඩි උන් හිදී කනකර උගසට දීලා
මාමා හිදී සුර ලොව ඇති සැප විදලා
දෙවියන්ටත් අප අමතක විද මන්දා....





Tuesday, December 02, 2014

මගෙ ආදරියේ ...........!

namaknethithenak blogs photo



















මගෙ දුක් අහුරු කොටසක් වූ වා නම් දිවියේ
සසර ගමන කෙළවර සොයනු නිසැකය ඔබ මේ භවයේ
පතා ආ පෙම්බර තනිවී ඇත ලොව කොතැනේ
එබැවින් මගෙ ආදරේ නුඹ ලග නැති එක කදිමේ

කදුළු මුතු බර නැත ආදරියේ මගෙ නෙතට
මහමෙරක් ය කදුලැල් නුඹෙ නෙතට
නුඹෙ ගෙල සරසන්න එ මුතු වලින් මට
බැරි බව හැගී දෙවියන් වෙන් කලෙමු  අප

පෙර කල පවක් ලියවී ඇත මගෙ නමට
දෙවියන් දුන් තෑග්ගකි නුඹ මේ ලොවට
දේව සභාවක් ‍රැස්වන යම් දිනක
අසනු මැනවි කෙළවර මේ දුක් ගමන.....

Monday, November 24, 2014

කළුවර රෑ හද විල.........


Namaknethithenak image



















සද නැති රෑ එළිය වෙන්න දැල්වුවෙමි දහසක් -
පහන් එළි
දැල්වුනත් නොසෙල්වී එක ලෙසම එ -
පහන් එළි
එළිය නොමවෙයි කළුවර රෑ -
මේ අන්ධකාරය

මල් නොපිපෙන හද විල -
සුවදින් පුරවන්න
සැරසුවෙමි  හද විල -
කඩදාසි මල් පොකුරින්
සුවද නොමවෙයි හද විල -
වුවත් අති අලංකාරය

දුර පායන පුන් සඳ
විල පිපෙනා පියුම ද
එළිය කරයි මුලු ලොව
නොබලා අපෙ ලොව දෙස..................,

Monday, November 17, 2014

සඳ හමුවූයෙමි...

namaknethithenak


වියළි සුළං තනුවට නැලවෙන්න
තද හිරු ‍රැස් සුමුදුව සිප ගන්න
ලොවම සුවඳ පැන් දහරින් පුරවන්න
ඇත මට හයිය නොබියව ලොව සිට ගන්න

හිරු රහසින් කියයි හැම දින උදෑසන
තරු හිනැහෙන බවක් සිසිලේ සඳ එළිය
හිරු තරු කියූ ලෙස සද එළියේ සිසිල
විඳගන්නට ගියෙමි ගව් දුර ගෙවාගෙන

තරු රෑනත් ඉඟි බිඟි කරයි
නිදි දෙවඟන තුරුලට  ව...
හිරු විහිඳයි තද හිරු ‍රැස්
නවතින්නට කරනා මෙන් අවවාද

යන්නට සිතූවෙන් සඳ හමුවන්නට
සිත දැඩි කලෙමි නො නවතින්නට
දුක දැනුනත් පවසමි මේ  පුවත
මුකුලිත මලක් විය සඳ හමුවෙන් පසුව

සඳ එළියේ තරු රෑනත් දිලුනා වේ
සැඩ හිරු ‍රැස් මට සෙවනක් වූවා වේ..
මගේ දෑත මට පිහිටට උන්නා වේ
සොබා දහම මම විකසිත කෙරුවා වේ..



















Sunday, November 09, 2014

හිතවත...

namaknethithenak image















නුඹ සිගන්නෙකු වූ දින
මා පොහොසතෙකු විය
මා සිගන්නෙකු වූ අද
නුඹ පොහොසතෙකි....

නුඹ යැදුවේ ආදරයයි
මා යදින්නේ සැනසිල්ලයි
ආදරයද සැනසිල්ලද නැත අවසන
යැදුවේ කුමටද මම මෙන්ම නුඹ

පැතූ නෙත් නොපතයි නම්
පැතූ හඩ නොපතයි නම්
පැතූ සුව නොපතයි නම්
යදින්නේ නැත මතු දිනෙක මම

Sunday, November 02, 2014

නුඹෙ මළගම දා............


























මුලු ලෝකෙම දෙදරවන්න
මට අඞන්න හිතුනත්
මම ඇඬුවෙ නෑ.......
මගේ කදුලු දැකල
නුඹේ මලානික ඇස්
කඳුලින් පිරුනොත් කියල
මට දුකයි ..........

සුදු වතක් ඇග ලා ගෙන
නුඹේ ලඟට වී ඉන්න හිතුනත්
වෛවර්ණ ඇඳුමින් සැරසුනේ
මගේ දුක දැකල
නුඹ දෙලොවක අතරමං උනොත් කියල
මට බයයි ..........

නුඹේ කනට ලං කරල
හීන පොත දිගාරින්න
මට හිතුනත්, හීන පොත
ගුලි කරල හිත ඇතුලෙම හංගගත්තෙ
හීන මතක් වෙලා
ආයෙ එන්න හිතුනොත් කියල
මට සැකයි ..........

නුඹට නොකීව මගෙ සෙනෙහස
නුඹ නොදකින මගෙ දොම්නස
හිතේ දරන් එක විදියට
මම එන්නම් නුඹ එක්කම
නුඹට නොදැනි නුඹ පසුපස..........
  

Thursday, October 02, 2014

ප්‍රිය සබඳ........


ප්‍රිය සබඳ



















කොහිඳ මගෙ හිතේ හිඩැසක්
ප්‍රිය සබඳ
රදවාගන්න නුඹෙ දෙනෙතේ පිරි කඳුල
දෝරේ ගලා යයි
මගෙ සිතෙ දුක් කඳුල
වැටහුන නිසා මේ දහමේ ඇති අරුත

සතුටක් දැනේ නම්
නුඹ හට කිසි විටක
නුඹටත් කලින් මම හිනැහෙයි නුඹ නමට
අමතක වී නොවෙයි හිත ඇති දුක් කඳුල
හිස් වී ඇත හිතේ සතුටට හිමි කොටස

තනිවම ආ ගමන තනිවම යනු මිසක
කුමටද පතන්නේ තව කෙනෙකුගෙ හයිය
හයියට කියා කුමටද නිරයෙ ඉඹුලක් ප්‍රියෙ නුඹ අතට
දෙයි නම් කදුල නිම වෙන තෙක් නුඹෙ ගමන.........!

Tuesday, September 02, 2014

අහෝ ප්‍රථම හමුවීම........!




ජැන්ඩියට ඇඳ පැලඳ
දිනක් උදෑසනම
මම පැමිණියෙමි නුඹ අභිමුවට
සිනාමුසු මුහුණයි දයාබර කථාවයි
කම්පිත කලේ බියගුළු මගෙ හඳවත තුටින්
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
ගිවිස ගත්තෙමු
වන්නට සහකරු ඉතා බැතියෙන්
වෙමින් ශක්තිය නුඹගෙ ගමනට
ලබමින් සෙවනක් නුඹගෙන් මම
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
ගිවිසුම් කුමටද අප හට
මිහිරියාවක් කොයිබඳ ගල් මුල් නැති නදියට
සයුර පෙනෙන තෙක් යමු එක ලෙස
කියූ වදන් මතකය ඒ ලෙස
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
මන්ද මේ විනාසය
නැත කිසිදු ඵලයක් නුඹ ලැබීමෙන් මට
සමීකරණ සම්මුති මඳි වූවා වැනිය
මැන බලන්නට මගෙ ලබැඳියාව
හෝඩියේ අකුරු මඳි වූවා වැනිය
ලියන්නට මගේ නුගුණ
අහෝ ප්‍රථම හමුවීම........!

අනේ බලා හිඳිමි මම
නොසැලී එක ලෙස
එදා මෙන් බියගුළු වී නොව
සිනා මුසු මුහුනින්
ඔබ දෙස
උතුරා යන ප්‍රීතියෙන්
කියා දුන්නාට ලොවේ අරුත
ඇති නිසා ලොවේ දහමක්
නුඹට මෙන්ම මට
අහෝ ප්‍රථම හමුවීම........!









Sunday, August 03, 2014

අම්මේ මම නිවාඩුවට ගෙදර එන්නෙ නෑ...



mother's love




පාර බලන් ඉන්න එපා මා එනතුරු         අම්මේ
ඇඟ දැවටෙන සිහිල් හුල‍ඟෙ මට එන්නට බෑ අම්මේ
අකුරු කෙරුව මදිලු ලොව දින්නන         අම්මේ
ගුරු කුලටයි යන්නේ නිවාඩුවෙත් අම්මේ

ඉමක් කොනක් නැත නුඹෙ සෙනෙහේ අම්මේ
ඉමක් කොනක් නෙතුවා වැනි මේ ගමනෙත් අම්මේ
නෙවතුමක් ද නැති ගානයි නවතින්න ට අම්මේ
මා සුර සැප ලබනා දින නුඹ කොයිබද අම්මේ

නුඹ නොදු‍ටුව එ සුර ලොව පුතුට දෙන්න සිතුවේ ඇයි අම්මේ
නුඹ නැති ලොව සුර සැප මට කුමටද අම්මේ
හිත තෙරපෙන සුසුම් නුඹට බර වැඩියි නෙ අම්මේ
කොළඹ කෝච්චියෙන් බැස හනිකට මම එන්නද අම්මේ

    

Thursday, July 03, 2014

මඳනලකි ඔබ

















මන්ඳ ඔබ තව පමා
හමා එන්නට මල් පිරුන ලිය
නලවලන්නට සෙනෙහසින්
බඹර ගුම් නඳ
කුරිරු අව් රැස්
පෙලයි මල් ගොමු
නොසිතු ලෙස නුඹ
දුර සිටන්