Language

Sunday, February 22, 2015

පිය නගමි සීරුවට..


NamakNethiThenak





































කියා දුන් මඟ තනිව යන්නට
වාරු ඇත දැන් මගේ දෑතට
ගියත් මඟ එළි පෙහෙළි කරගෙන
මතක් විය නුඹ නැත මගේ ලඟ

සදත් තරුවක් සමග උරණව
ආවෙ නැත නුබ එළිය කරනට
මමත් නවතිමි ඒ අදුර මැද
සදක් නැති මට එළිය කුමටද

හිරුත් ඇවිදින් අද උදෑසන
මලින් සරසයි යනෙන මඟ තොට
නුඹට යන්නට පාර ඉඩ හැර
පා නගන්නෙමි එළි පෙහෙළි කල මඟ

Monday, February 16, 2015

ආදරය ද මේ..


NamakNethiThenak|adarayadamea














ගල් මුල් වල හැපී  නිබඳ
ගලනා ගඟ මුහුදට  සබඳ
වැනි නම් අපෙ ඒ හමු වීම
මම පවසයි එය යැයි ආදරය

සුළඟට ලෙලෙන වතු සුදු මලක් දැක
නැවතුන බඹර දෙන ගුම් නද පිනා ගිය
වැනි නම් සතුට මා දු‍ටු විට ඔබේ ලය
මට නොහැ‍ඟෙයි එය ගින්දරක් ලෙස

විගසින් වෙරළ සිප
සයුරට දිවෙන දිය කඳ
වැනි නම් අපෙ මේ වෙන් වීම
මම පවසයි එය යැයි ‍රැවටීම