කුණාටුවකට නොසැලෙන රූක්ෂ ගසක් සේ වැඩුණු හිත
සුසුමට පවා සැලෙන පහන් සිලක් වූ දින
සිටියෙ කවුරුද තනියට නළවන්නට මෙ හිත
මුවමඩල නොවෙද ඔය මගෙ ලොව සනසන
සුළං රැල්ල මෙන් නොහැකි වුනත් දැවටෙන්නට ලඟ
බඹරිඳු මෙන් නොහැකි උනත් කොඳුරන්නට මට
හිරු කිරනක් මෙන් ඉන්නට නොහැකි උනත් ලඟ
සිනහ කැන්දගෙන එන වග දනිමි සඳ එන කල අහසට
මගේ සඳ ඔබ, සඳ වගේ ලඟ තරුද නිදියන රැයක ඉන්නට
මගේ හිරු ඔබ, හිරු වගේ ලඟ උණුසුමක් වී සදා ඉන්නට
පෙරුම් පුරනා හීන ලඝු කොට සඟවගමු අපි හඳේ පත්ලක
හීනයක් වී ගිලිහුන අපේ ඒ ලොව එලිය වනතුරු යම් දිනක