Language

Wednesday, April 22, 2015

කලකට පසු හමු වී..


NamakNethiThenak

















වෙනතක බලා සිටියේ කලකට පසු හමු වී
වෙනතක් ඔබ බැලූ නිසාදෝ
සිනා පිරුණු නෙත් යුග නිසසල වූවේ
සිනහව වෙනතක පිදුවාදෝ

මගේ බැල්ම දැන් කුමටද
මගෙ සිනහව දැන් කුමටද
සිතෙන්නෙ ඇයි මට මේ ලෙස
නෙතු ගැ‍ටුනත් ඔබ හැම දින

දහම අනුව මිලින වුනත්
ගස් තව දළු මල් පුබුදයි
දහම අනුව එක් නොවුනත්
නුඹෙ සිනහව මම පුබුදයි

එපා කතා නොකර ඉන්න
එපා සිනා නොවී ඉන්න
මියෙන තුරා මගේ ලොවට
ඔබෙ සිත හැර සිතක් නොමැත..