Language

Monday, November 09, 2015

නුබත් එක්ක මම ආවා නුබ දන්නවද?


නමක් නැති තැනක්



සද කිරණක් වී ආවා සිසිලස දෙන්න
මද පවනක් වී ආවා ගත දැවටෙන්න
මල් සුවදක් වී ආවා සුවද කරන්න
නුබත් එක්ක මම ආවා නුබ දන්නවද?

සද ලග නැත විහිදූවත් කිරණ හැම දින
පවනක් නැත ගත සනසන ලගින් ඉදගෙන
විකසිත නොවේ මල් කිසිදින මුකුලිත නොවන
ආලය නම් වෙන්වීමයි සුසුම් සගවගෙන