Language

Monday, November 09, 2015

නුබත් එක්ක මම ආවා නුබ දන්නවද?


නමක් නැති තැනක්



සද කිරණක් වී ආවා සිසිලස දෙන්න
මද පවනක් වී ආවා ගත දැවටෙන්න
මල් සුවදක් වී ආවා සුවද කරන්න
නුබත් එක්ක මම ආවා නුබ දන්නවද?

සද ලග නැත විහිදූවත් කිරණ හැම දින
පවනක් නැත ගත සනසන ලගින් ඉදගෙන
විකසිත නොවේ මල් කිසිදින මුකුලිත නොවන
ආලය නම් වෙන්වීමයි සුසුම් සගවගෙන

Thursday, October 08, 2015

වෙන් වී වෙන් වීම..






















ආලය නම් කුමක් දැයි මා හරිහැටි නොදනී
විරහව නම් කුමක් දැයි මා  හරිහැටි නොදනී
වෙන් වීම නම් මෙය යැයි අදහාගත නොහැකී
වෙන් වී වෙන් වීම ඉරණමෙ ඇත ලියවී

පැතූ දෙය නොලැබේ නොලැබුන නිසා දනිමී
නොපැතූ දෙය සිදුවේ සිදු වූ නිසා දනිමී
හමු වුවොත් වෙන් වේ වෙන් වූ නිසා දනිමී
වෙන් වුවොත් හමු වේ පිළිතුර සබද කියනු මැනවී..! 

Wednesday, September 23, 2015

අමාවක සදට...


නමක් නැති තැනක්














සිනාවක් වී පැමිණි නෙතඟට
කදුලක් නොවී නුඹ
සුසුමක් වූ වේ ළයේ නොමියෙන
රැදෙන්නද දිවි මඟ මියෙනතුරු මා සමඟ

නොහැක නුඹ හට පියනැගුමට මා හා
දනී නුඹ එය රිදුම් දුන්නත් මගෙ හිත
සදා හිනෙහෙන පෙම් ලොවක් කොහෙද
නටුවෙ කටු නැති තමර මල් සේ ලොව

කලුවර කලත් මගෙ ලොව
අමාවක වී අද දින
අමතක නොවේ කිසි දින
පුන් සදක් විය නුඹ, මගේ ලෝකයට

Friday, June 12, 2015

හදිසි අනතුර..

නමක් නැති තැනක්















දකුණු පසින් ගමන් කල බස් රියට
ගොඩවෙන්නට වම් පසින් ගිය කල
කහ ඉරෙන් පාර මාරු වීමේ දී
හදිසියේ සිදු වූ අනතුරකි අපේ ආදරය

අනෝරා වැසි වැටෙන මද්දහනේ
සෙවනක් සොයා වෙහෙසුන කල
රූස්ස ගසක් සෙවනට ගියාවෙන්
කඩා වැ‍ටුනු අකුණු සැරයකි අපේ ආදරය

සීරිම් පමණකි නැත පෑරෙන තුවාල
මියැදුනේ නැත කම්පිත වූ වා පමණකි
රිදවන්නේ නැත රිදුම් දුන්නත් අද
අහම්බයක් නොව දෛවයයි මෙ අනතුර

Thursday, May 07, 2015

අදුරු අහස


NamakNethiThenak


















සුරා පොදින් නිරුවත් වුන නුඹේ සිත
දැක ඉකි ගැසේ හොර රහසෙම මගේ හිත
හැකි නම් සගවන්න ආලය ඔබේ ඔය
සුසුමට හැකි  වේවි නවතින්නට මගේ ළය

මගේ සිත ලග නුඹේ සිත ඇත
නුඹේ සිත ලග මගේ සිත ඇත
එදා විලසට මගේ සිත් කුස
වැහි වලාවකි එලිය නොගෙනෙන

ඒ අහසෙහි පුන් සද නොවෙන් නුඹ
ඒ අහසට තරුවක්ව පායන්නෙපා නුඹ
ඒ අහසට වැස්සක්ව නො එන් නුඹ
එළියට වඩා ගණදුර හොදයි මට


Wednesday, April 22, 2015

කලකට පසු හමු වී..


NamakNethiThenak

















වෙනතක බලා සිටියේ කලකට පසු හමු වී
වෙනතක් ඔබ බැලූ නිසාදෝ
සිනා පිරුණු නෙත් යුග නිසසල වූවේ
සිනහව වෙනතක පිදුවාදෝ

මගේ බැල්ම දැන් කුමටද
මගෙ සිනහව දැන් කුමටද
සිතෙන්නෙ ඇයි මට මේ ලෙස
නෙතු ගැ‍ටුනත් ඔබ හැම දින

දහම අනුව මිලින වුනත්
ගස් තව දළු මල් පුබුදයි
දහම අනුව එක් නොවුනත්
නුඹෙ සිනහව මම පුබුදයි

එපා කතා නොකර ඉන්න
එපා සිනා නොවී ඉන්න
මියෙන තුරා මගේ ලොවට
ඔබෙ සිත හැර සිතක් නොමැත..

Monday, March 23, 2015

මදහස

















හිතේ නැගෙන සුසුම් දැල්ල
දැනුනා නම් නුඹේ හිතට
සද එන්නෑ නුඹේ  ලොවට
තුරුළු කරන් තරු රෑනද

හෙලන කදුලු මගේ දෙනත
දු‍ටුවා නම් නුඹේ දෙනත
වැසි දෙවගන වඩින්නෙ නෑ
ගිනිබත් වූ නුඹෙ කතරට

පලදා ගත් සිනා ‍රැල්ල
පිදුව නිසා නුඹේ මුවට
මල් පිබිදෙයි  නුඹේ ලොවට
සැමදින නුඹ සරසන්නට..

    

Thursday, March 05, 2015

ඉරණම වෙන්න ඇති..

NamakNethiThenak


















සද එනතුරු පුංචි තරුවක් අහසෙ තනියම බලා ඉන්නව ඇති
කියන්නට ගොඩක් දේවල් අහන්නට ගොඩක් දේවල් හිතේ ඇති
කතා නොකරම තරුව සද දිහා බලා ඉන්නව ඇති
තරු රෑන එක්ක හිනැහිලා යන සද දැකල සුසුම් හෙලනව ඇති

රූස්ස ගහක පිපුනු පුංචි මල ගහට ගොඩක් ආදරේ ඇති
තද සුලගට එහෙට මෙහෙට විසිවෙලා මල මිලාන වෙනව ඇති
සිනිදු පෙති වල ආදරේ රූස්ස ගහ දන්නෙ නැතුව ඇති
මල මිලාන වෙන දිහා ගහ නිසොල්මන්ව බලා ඉන්නව ඇති

රළ සුමුදුව සිප ගන්න වෙරළ ආදරෙන් බලා ඉන්නව ඇති
සුමුදු වෙරළ කලතල රළ මුහුදට යන අපූරුව බලා ඉන්නව ඇති
‍රැල්ලෙන් සැගවිලා ඉන්න වෙරළ වෙර දරන්න ඇති
රළ පෙල සුනාමියක්ව විත් වෙරළ කදු පෙල වනසන්න ඇති

සද එක්ක පුංචි තරුවට තරහ වෙන්න බැරුව ඇති
රුක් ගොමු එක්ක තරහ වෙන්න මැලවුන මල් වලට බැරුව ඇති
රළ එක්ක තරහ වෙන්න සිනිදු වෙරලට බැරුව ඇති
නුඹේ වෙනස දරාගන්න මගේ හිතටත් බැරුව ඇති

Sunday, February 22, 2015

පිය නගමි සීරුවට..


NamakNethiThenak





































කියා දුන් මඟ තනිව යන්නට
වාරු ඇත දැන් මගේ දෑතට
ගියත් මඟ එළි පෙහෙළි කරගෙන
මතක් විය නුඹ නැත මගේ ලඟ

සදත් තරුවක් සමග උරණව
ආවෙ නැත නුබ එළිය කරනට
මමත් නවතිමි ඒ අදුර මැද
සදක් නැති මට එළිය කුමටද

හිරුත් ඇවිදින් අද උදෑසන
මලින් සරසයි යනෙන මඟ තොට
නුඹට යන්නට පාර ඉඩ හැර
පා නගන්නෙමි එළි පෙහෙළි කල මඟ

Monday, February 16, 2015

ආදරය ද මේ..


NamakNethiThenak|adarayadamea














ගල් මුල් වල හැපී  නිබඳ
ගලනා ගඟ මුහුදට  සබඳ
වැනි නම් අපෙ ඒ හමු වීම
මම පවසයි එය යැයි ආදරය

සුළඟට ලෙලෙන වතු සුදු මලක් දැක
නැවතුන බඹර දෙන ගුම් නද පිනා ගිය
වැනි නම් සතුට මා දු‍ටු විට ඔබේ ලය
මට නොහැ‍ඟෙයි එය ගින්දරක් ලෙස

විගසින් වෙරළ සිප
සයුරට දිවෙන දිය කඳ
වැනි නම් අපෙ මේ වෙන් වීම
මම පවසයි එය යැයි ‍රැවටීම 

Monday, January 19, 2015

නුවණ ????

NamakNethithenak|Dog Barking






















සැම දින මුණ ගැසේ ඇවිදින විට මහ පාරේ
හයියෙන් බුරයි ගස් ගල් මිනිසුන් ගානේ
වටකර ගනී පිරිවර සහයට උන්ගේ
උඩුබුරුලන්න සොමි සඳටද සීත ‍රැයේ

දිව රෑ වෙහෙසෙනා තම තැන ‍රැක ගන්ට
උන් දු‍ටු විටත් කදුලක්      එයි නෙතට
අන් තැන නොවේ නිසි තැන ජය ලබන්නට
නුවණක් ලැබෙන්නයි පතනෙමි මතු ලොවට

ලත් තැන ගල් ගැසී මම ඉමි බලාගෙන
තැති ගැන්වී හඬ නංවන විලාසෙට
නොහැකිව නොවේ පෙරලා හඬ නගන්නට
අනුවණ කමක් නැත උන් හා බුරන්නට