Language

Thursday, May 07, 2015

අදුරු අහස


NamakNethiThenak


















සුරා පොදින් නිරුවත් වුන නුඹේ සිත
දැක ඉකි ගැසේ හොර රහසෙම මගේ හිත
හැකි නම් සගවන්න ආලය ඔබේ ඔය
සුසුමට හැකි  වේවි නවතින්නට මගේ ළය

මගේ සිත ලග නුඹේ සිත ඇත
නුඹේ සිත ලග මගේ සිත ඇත
එදා විලසට මගේ සිත් කුස
වැහි වලාවකි එලිය නොගෙනෙන

ඒ අහසෙහි පුන් සද නොවෙන් නුඹ
ඒ අහසට තරුවක්ව පායන්නෙපා නුඹ
ඒ අහසට වැස්සක්ව නො එන් නුඹ
එළියට වඩා ගණදුර හොදයි මට