Language

Saturday, December 24, 2016

අමතකකරවන මතකය..!

Namaknethithenak















සිනා පිරුන ඔබෙ ලය මත මුව         සගවාගෙන
සිනා දොලෙන් කල් ගෙව් හැටි යලි    සිහිකරගෙන
යකඩ යකා නැලවෙනවා හද          හඩවාගෙන
මතකයක්යැ ඔබ සැමදා අමතක         කරවන

මුලාවක්ය  ඔබ කිසිදා අරුත        නොතේරෙන
විරහවක්ය ඔබ කිසිදා ආලය          නොකරන
පිදීමක්ය    මා කිසිදා අගය        නොතේරෙන
ආලයක්ය   මා නුඹ හට සැමදා     නොමියෙන