Language

Tuesday, October 17, 2017

ඔබ මගේ ය..















ගතින් වෙන්ව සිතින් ලංව
මියෙනතුරා වුවත් ඉන්න
සැපෙන් තොරව දුකින් බරව
සසර පුරා වුවත් ඉන්න

වරකදි ඔබ විරහවක් ය
වරකදි ඔබ ආලයක් ය
වරකදි ඔබ කලු ගලක් ය
වරකදි ඔබ රත්තරන් ය

ලඟ සිටියත් ඔබ මගේ ය
දුර සිටියත් ඔබ මගේ ය
ඇති කලටත් ඔබ මගේ ය
නැති කලටත් ඔබ මගේ ය

Sunday, September 17, 2017

ජීවිතය? විදීම : බලාහිදීම




love hope

කුණා‍ටුවකට නොසැලෙන රූක්ෂ ගසක් සේ වැඩුණු හිත
සුසුමට පවා සැලෙන පහන් සිලක් වූ දින
සිටියෙ කවුරුද තනියට නළවන්නට මෙ හිත
මුවමඩල නොවෙද ඔය මගෙ ලොව සනසන

සුළං ‍රැල්ල මෙන් නොහැකි වුනත් දැවටෙන්නට ලඟ
බඹරිඳු මෙන් නොහැකි උනත් කොඳුරන්නට මට
හිරු කිරනක් මෙන් ඉන්නට නොහැකි උනත් ලඟ
සිනහ  කැන්දගෙන  එන වග දනිමි  සඳ එන කල අහසට

මගේ සඳ ඔබ, සඳ වගේ ලඟ තරුද නිදියන ‍රැයක ඉන්නට
මගේ හිරු ඔබ, හිරු වගේ ලඟ උණුසුමක් වී සදා ඉන්නට
පෙරුම් පුරනා හීන ලඝු කොට සඟවගමු අපි හඳේ පත්ලක
හීනයක් වී ගිලිහුන අපේ ඒ ලොව එලිය වනතුරු යම් දිනක


Saturday, July 01, 2017

ඉඩම..!




ඔය හිතේ එහෙට මෙහෙට දග කලාට
අයිති පුන්චි කොටසක් බව තෙරුනේ මට
ඔප්පුව බැලුවට පස්සෙ නොවෙ පස්සෙ කලකට

එ මායිමේ මේ මායිමේ හැපි හැපී
කල් ගෙව්වත් කදුලු මුතු පෙරි පෙරී
සින්නක්කර අයිතිය ඇත පන මෙනී

තද සුළං හැමුව ත්
නියං කල් හමුවූව ත්
ඉරි තලන්නෙ නැතේ හැම කල්