Language

Friday, June 12, 2015

හදිසි අනතුර..

නමක් නැති තැනක්















දකුණු පසින් ගමන් කල බස් රියට
ගොඩවෙන්නට වම් පසින් ගිය කල
කහ ඉරෙන් පාර මාරු වීමේ දී
හදිසියේ සිදු වූ අනතුරකි අපේ ආදරය

අනෝරා වැසි වැටෙන මද්දහනේ
සෙවනක් සොයා වෙහෙසුන කල
රූස්ස ගසක් සෙවනට ගියාවෙන්
කඩා වැ‍ටුනු අකුණු සැරයකි අපේ ආදරය

සීරිම් පමණකි නැත පෑරෙන තුවාල
මියැදුනේ නැත කම්පිත වූ වා පමණකි
රිදවන්නේ නැත රිදුම් දුන්නත් අද
අහම්බයක් නොව දෛවයයි මෙ අනතුර