Language

Monday, November 24, 2014

කළුවර රෑ හද විල.........


Namaknethithenak image



















සද නැති රෑ එළිය වෙන්න දැල්වුවෙමි දහසක් -
පහන් එළි
දැල්වුනත් නොසෙල්වී එක ලෙසම එ -
පහන් එළි
එළිය නොමවෙයි කළුවර රෑ -
මේ අන්ධකාරය

මල් නොපිපෙන හද විල -
සුවදින් පුරවන්න
සැරසුවෙමි  හද විල -
කඩදාසි මල් පොකුරින්
සුවද නොමවෙයි හද විල -
වුවත් අති අලංකාරය

දුර පායන පුන් සඳ
විල පිපෙනා පියුම ද
එළිය කරයි මුලු ලොව
නොබලා අපෙ ලොව දෙස..................,

Monday, November 17, 2014

සඳ හමුවූයෙමි...

namaknethithenak


වියළි සුළං තනුවට නැලවෙන්න
තද හිරු ‍රැස් සුමුදුව සිප ගන්න
ලොවම සුවඳ පැන් දහරින් පුරවන්න
ඇත මට හයිය නොබියව ලොව සිට ගන්න

හිරු රහසින් කියයි හැම දින උදෑසන
තරු හිනැහෙන බවක් සිසිලේ සඳ එළිය
හිරු තරු කියූ ලෙස සද එළියේ සිසිල
විඳගන්නට ගියෙමි ගව් දුර ගෙවාගෙන

තරු රෑනත් ඉඟි බිඟි කරයි
නිදි දෙවඟන තුරුලට  ව...
හිරු විහිඳයි තද හිරු ‍රැස්
නවතින්නට කරනා මෙන් අවවාද

යන්නට සිතූවෙන් සඳ හමුවන්නට
සිත දැඩි කලෙමි නො නවතින්නට
දුක දැනුනත් පවසමි මේ  පුවත
මුකුලිත මලක් විය සඳ හමුවෙන් පසුව

සඳ එළියේ තරු රෑනත් දිලුනා වේ
සැඩ හිරු ‍රැස් මට සෙවනක් වූවා වේ..
මගේ දෑත මට පිහිටට උන්නා වේ
සොබා දහම මම විකසිත කෙරුවා වේ..



















Sunday, November 09, 2014

හිතවත...

namaknethithenak image















නුඹ සිගන්නෙකු වූ දින
මා පොහොසතෙකු විය
මා සිගන්නෙකු වූ අද
නුඹ පොහොසතෙකි....

නුඹ යැදුවේ ආදරයයි
මා යදින්නේ සැනසිල්ලයි
ආදරයද සැනසිල්ලද නැත අවසන
යැදුවේ කුමටද මම මෙන්ම නුඹ

පැතූ නෙත් නොපතයි නම්
පැතූ හඩ නොපතයි නම්
පැතූ සුව නොපතයි නම්
යදින්නේ නැත මතු දිනෙක මම

Sunday, November 02, 2014

නුඹෙ මළගම දා............


























මුලු ලෝකෙම දෙදරවන්න
මට අඞන්න හිතුනත්
මම ඇඬුවෙ නෑ.......
මගේ කදුලු දැකල
නුඹේ මලානික ඇස්
කඳුලින් පිරුනොත් කියල
මට දුකයි ..........

සුදු වතක් ඇග ලා ගෙන
නුඹේ ලඟට වී ඉන්න හිතුනත්
වෛවර්ණ ඇඳුමින් සැරසුනේ
මගේ දුක දැකල
නුඹ දෙලොවක අතරමං උනොත් කියල
මට බයයි ..........

නුඹේ කනට ලං කරල
හීන පොත දිගාරින්න
මට හිතුනත්, හීන පොත
ගුලි කරල හිත ඇතුලෙම හංගගත්තෙ
හීන මතක් වෙලා
ආයෙ එන්න හිතුනොත් කියල
මට සැකයි ..........

නුඹට නොකීව මගෙ සෙනෙහස
නුඹ නොදකින මගෙ දොම්නස
හිතේ දරන් එක විදියට
මම එන්නම් නුඹ එක්කම
නුඹට නොදැනි නුඹ පසුපස..........