Language

Sunday, November 02, 2014

නුඹෙ මළගම දා............


























මුලු ලෝකෙම දෙදරවන්න
මට අඞන්න හිතුනත්
මම ඇඬුවෙ නෑ.......
මගේ කදුලු දැකල
නුඹේ මලානික ඇස්
කඳුලින් පිරුනොත් කියල
මට දුකයි ..........

සුදු වතක් ඇග ලා ගෙන
නුඹේ ලඟට වී ඉන්න හිතුනත්
වෛවර්ණ ඇඳුමින් සැරසුනේ
මගේ දුක දැකල
නුඹ දෙලොවක අතරමං උනොත් කියල
මට බයයි ..........

නුඹේ කනට ලං කරල
හීන පොත දිගාරින්න
මට හිතුනත්, හීන පොත
ගුලි කරල හිත ඇතුලෙම හංගගත්තෙ
හීන මතක් වෙලා
ආයෙ එන්න හිතුනොත් කියල
මට සැකයි ..........

නුඹට නොකීව මගෙ සෙනෙහස
නුඹ නොදකින මගෙ දොම්නස
හිතේ දරන් එක විදියට
මම එන්නම් නුඹ එක්කම
නුඹට නොදැනි නුඹ පසුපස..........
  

No comments:

Post a Comment