මාමා සිනාසෙයි හැම කනුවක් ගානේ
ඉපැදී මෙනි ලොකු සතුටක් හද පත්ලේ
දකිනා විට දනන් ඉන්නා මහ පාරේ
නොවැටහෙයි කරුණු කිමදැයි මේ සන්තෝසෙ
කිරි කැටියන් ඔඩොක්කුවේ හංගා
මව්වරු හිදී මාවතෙ අයිනට වීලා
එනතුරු නොවේ මාමා සිනහව කැන්දා
විකුණා ගන්න නෙලා ගත්ත ඵල හනිකා
නවතා සුපිරි පන්නේ වාහන එක පෙළට
අසනවා මෙනිය පැනයක් ඇය බිය ගන්නා
"කාඩ් පේමන්ට්ස් තියනවද"
උගසට තබා කන කර ජීවිත ගෙවනා
ලියන්ට දෙවෙනි නැත වාහන හිමිකරුවා
පොස් අය හිදී ලොව ණයකරුවන් වීලා
පොඩි උන් හිදී කනකර උගසට දීලා
මාමා හිදී සුර ලොව ඇති සැප විදලා
දෙවියන්ටත් අප අමතක විද මන්දා....
මාමා නොවේ මම ජනපති වෙමි සැමගේ
ReplyDeleteදකිනා විටදි නිදහස පිරි රට මාගේ
නැත මල මිනී දරුවන්ගේ මල් වාගේ
සතුටට කරුන එය වේ සිත රැඳි මාගේ..
නිදහස කියන වචනෙ අරුත එයමද ඔබෙ සිතෙ
ReplyDeleteමාමා දන්නෙ දැයි පිරුල ඇතිය මගෙ සිතෙ
ගෙට එන්නට වෙයි ඇවිදින්නට බැරි වෙනකොට රෑට
නිදහස මෙය යැයි හැගෙ ඔබ කල පෙර පවට
අනුවන බව දක ඔබෙ නොතේරුම් කමට
සිතුනා මට කවියට කවියක් ලියන්නට
පැදියක් ගලපන්න සිතුන සෙව්වන්දියෙ නුබෙ නමට
ආඩම්බර වු නිසා දිනුවෙ මගෙ රට
යුද්ධය දිනුවත් නිදහස කොහිද මට
මෛත්‍රී කරමු නැත කිසි දින මරා ගෙන