ඇඟ දැවටෙන සිහිල් හුලඟෙ මට එන්නට බෑ අම්මේ
අකුරු කෙරුව මදිලු ලොව දින්නන අම්මේ
ගුරු කුලටයි යන්නේ නිවාඩුවෙත් අම්මේ
ඉමක් කොනක් නැත නුඹෙ සෙනෙහේ අම්මේ
ඉමක් කොනක් නෙතුවා වැනි මේ ගමනෙත් අම්මේ
නෙවතුමක් ද නැති ගානයි නවතින්න ට අම්මේ
මා සුර සැප ලබනා දින නුඹ කොයිබද අම්මේ
නුඹ නොදුටුව එ සුර ලොව පුතුට දෙන්න සිතුවේ ඇයි අම්මේ
නුඹ නැති ලොව සුර සැප මට කුමටද අම්මේ
හිත තෙරපෙන සුසුම් නුඹට බර වැඩියි නෙ අම්මේ
කොළඹ කෝච්චියෙන් බැස හනිකට මම එන්නද අම්මේ
No comments:
Post a Comment