Language

Thursday, March 05, 2015

ඉරණම වෙන්න ඇති..

NamakNethiThenak


















සද එනතුරු පුංචි තරුවක් අහසෙ තනියම බලා ඉන්නව ඇති
කියන්නට ගොඩක් දේවල් අහන්නට ගොඩක් දේවල් හිතේ ඇති
කතා නොකරම තරුව සද දිහා බලා ඉන්නව ඇති
තරු රෑන එක්ක හිනැහිලා යන සද දැකල සුසුම් හෙලනව ඇති

රූස්ස ගහක පිපුනු පුංචි මල ගහට ගොඩක් ආදරේ ඇති
තද සුලගට එහෙට මෙහෙට විසිවෙලා මල මිලාන වෙනව ඇති
සිනිදු පෙති වල ආදරේ රූස්ස ගහ දන්නෙ නැතුව ඇති
මල මිලාන වෙන දිහා ගහ නිසොල්මන්ව බලා ඉන්නව ඇති

රළ සුමුදුව සිප ගන්න වෙරළ ආදරෙන් බලා ඉන්නව ඇති
සුමුදු වෙරළ කලතල රළ මුහුදට යන අපූරුව බලා ඉන්නව ඇති
‍රැල්ලෙන් සැගවිලා ඉන්න වෙරළ වෙර දරන්න ඇති
රළ පෙල සුනාමියක්ව විත් වෙරළ කදු පෙල වනසන්න ඇති

සද එක්ක පුංචි තරුවට තරහ වෙන්න බැරුව ඇති
රුක් ගොමු එක්ක තරහ වෙන්න මැලවුන මල් වලට බැරුව ඇති
රළ එක්ක තරහ වෙන්න සිනිදු වෙරලට බැරුව ඇති
නුඹේ වෙනස දරාගන්න මගේ හිතටත් බැරුව ඇති

No comments:

Post a Comment