සැම දින මුණ ගැසේ ඇවිදින විට මහ පාරේ
හයියෙන් බුරයි ගස් ගල් මිනිසුන් ගානේ
වටකර ගනී පිරිවර සහයට උන්ගේ
උඩුබුරුලන්න සොමි සඳටද සීත රැයේ
දිව රෑ වෙහෙසෙනා තම තැන රැක ගන්ට
උන් දුටු විටත් කදුලක් එයි නෙතට
අන් තැන නොවේ නිසි තැන ජය ලබන්නට
නුවණක් ලැබෙන්නයි පතනෙමි මතු ලොවට
ලත් තැන ගල් ගැසී මම ඉමි බලාගෙන
තැති ගැන්වී හඬ නංවන විලාසෙට
නොහැකිව නොවේ පෙරලා හඬ නගන්නට
අනුවණ කමක් නැත උන් හා බුරන්නට
No comments:
Post a Comment