Language

Sunday, December 07, 2014

ගෙදර යන ගමන් දු‍ටුවා....

Namaknethithenak,presidentMR

මාමා සිනාසෙයි හැම කනුවක් ගානේ
ඉපැදී මෙනි ලොකු සතුටක් හද පත්ලේ
දකිනා විට දනන් ඉන්නා මහ පාරේ
නොවැටහෙයි කරුණු කිමදැයි මේ සන්තෝසෙ

කිරි කැටියන් ඔඩොක්කුවේ හංගා
මව්වරු හිදී මාවතෙ අයිනට වීලා
එනතුරු නොවේ මාමා සිනහව කැන්දා
විකුණා ගන්න නෙලා ගත්ත ඵල හනිකා

නවතා සුපිරි පන්නේ වාහන එක පෙළට
අසනවා මෙනිය පැනයක් ඇය බිය ගන්නා
"කාඩ් පේමන්ට්ස් තියනවද"
උගසට තබා කන කර ජීවිත ගෙවනා
ලියන්ට දෙවෙනි නැත වාහන හිමිකරුවා

පොස් අය හිදී ලොව ණයකරුවන් වීලා
පොඩි උන් හිදී කනකර උගසට දීලා
මාමා හිදී සුර ලොව ඇති සැප විදලා
දෙවියන්ටත් අප අමතක විද මන්දා....





2 comments:

  1. මාමා නොවේ මම ජනපති වෙමි සැමගේ
    දකිනා විටදි නිදහස පිරි රට මාගේ
    නැත මල මිනී දරුවන්ගේ මල් වාගේ
    සතුටට කරුන එය වේ සිත ‍රැඳි මාගේ..

    ReplyDelete
  2. නිදහස කියන වචනෙ අරුත එයමද ඔබෙ සිතෙ
    මාමා දන්නෙ දැයි පිරුල ඇතිය මගෙ සිතෙ

    ගෙට එන්නට වෙයි ඇවිදින්නට බැරි වෙනකොට රෑට
    නිදහස මෙය යැයි හැගෙ ඔබ කල පෙර පවට
    අනුවන බව දක ඔබෙ නොතේරුම් කමට
    සිතුනා මට කවියට කවියක් ලියන්නට

    පැදියක් ගලපන්න සිතුන සෙව්වන්දියෙ නුබෙ නමට
    ආඩම්බර වු නිසා දිනුවෙ මගෙ රට
    යුද්ධය දිනුවත් නිදහස කොහිද මට
    මෛත්‍රී කරමු නැත කිසි දින මරා ගෙන

    ReplyDelete