Language

Monday, November 17, 2014

සඳ හමුවූයෙමි...

namaknethithenak


වියළි සුළං තනුවට නැලවෙන්න
තද හිරු ‍රැස් සුමුදුව සිප ගන්න
ලොවම සුවඳ පැන් දහරින් පුරවන්න
ඇත මට හයිය නොබියව ලොව සිට ගන්න

හිරු රහසින් කියයි හැම දින උදෑසන
තරු හිනැහෙන බවක් සිසිලේ සඳ එළිය
හිරු තරු කියූ ලෙස සද එළියේ සිසිල
විඳගන්නට ගියෙමි ගව් දුර ගෙවාගෙන

තරු රෑනත් ඉඟි බිඟි කරයි
නිදි දෙවඟන තුරුලට  ව...
හිරු විහිඳයි තද හිරු ‍රැස්
නවතින්නට කරනා මෙන් අවවාද

යන්නට සිතූවෙන් සඳ හමුවන්නට
සිත දැඩි කලෙමි නො නවතින්නට
දුක දැනුනත් පවසමි මේ  පුවත
මුකුලිත මලක් විය සඳ හමුවෙන් පසුව

සඳ එළියේ තරු රෑනත් දිලුනා වේ
සැඩ හිරු ‍රැස් මට සෙවනක් වූවා වේ..
මගේ දෑත මට පිහිටට උන්නා වේ
සොබා දහම මම විකසිත කෙරුවා වේ..



















No comments:

Post a Comment