Language

Tuesday, September 02, 2014

අහෝ ප්‍රථම හමුවීම........!




ජැන්ඩියට ඇඳ පැලඳ
දිනක් උදෑසනම
මම පැමිණියෙමි නුඹ අභිමුවට
සිනාමුසු මුහුණයි දයාබර කථාවයි
කම්පිත කලේ බියගුළු මගෙ හඳවත තුටින්
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
ගිවිස ගත්තෙමු
වන්නට සහකරු ඉතා බැතියෙන්
වෙමින් ශක්තිය නුඹගෙ ගමනට
ලබමින් සෙවනක් නුඹගෙන් මම
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
ගිවිසුම් කුමටද අප හට
මිහිරියාවක් කොයිබඳ ගල් මුල් නැති නදියට
සයුර පෙනෙන තෙක් යමු එක ලෙස
කියූ වදන් මතකය ඒ ලෙස
අහෝ ප්‍රථම හමුවීම........!

ටික දිනක් ගෙවුනු කල
මන්ද මේ විනාසය
නැත කිසිදු ඵලයක් නුඹ ලැබීමෙන් මට
සමීකරණ සම්මුති මඳි වූවා වැනිය
මැන බලන්නට මගෙ ලබැඳියාව
හෝඩියේ අකුරු මඳි වූවා වැනිය
ලියන්නට මගේ නුගුණ
අහෝ ප්‍රථම හමුවීම........!

අනේ බලා හිඳිමි මම
නොසැලී එක ලෙස
එදා මෙන් බියගුළු වී නොව
සිනා මුසු මුහුනින්
ඔබ දෙස
උතුරා යන ප්‍රීතියෙන්
කියා දුන්නාට ලොවේ අරුත
ඇති නිසා ලොවේ දහමක්
නුඹට මෙන්ම මට
අහෝ ප්‍රථම හමුවීම........!









No comments:

Post a Comment